ඛුද්දක නිකාය

ථේරී ගාථා

3.4. දන්තිකා ථේරීගාථා

3.4. දන්තිකා තෙරණියගේ ගාථා

48. දිවාවිහාරා නික්ඛම්ම ගිජ්ඣකූටම්හි පබ්බතේ
නාගමෝගාහමුත්තිණ්ණං නදීතීරම්හි අද්දසං.

48. මං දවල් කාලෙ ගිජුකුළු පර්වතේ ගත කරල, නික්මිලා යනකොට ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගං තෙරේ ඉන්නවා දැක්කා.

49. පුරිසෝ අංකුසමාදාය දේහි පාදන්ති යාචති
නාගෝ පසාරයී පාදං පුරිසෝ නාගමාරුහි.

49. හෙණ්ඩුවක් අතට ගත්තු මිනිහෙක් ඒ ඇතාට කිව්ව පය දික්කරන්ට කියලා. ඇතා කකුල් දික්කලා. අර මිනිහා එතනින් තමයි ඇතාගෙ පිට උඩට නැග ගත්තේ.

50. දිස්වා අදන්තං දමිතං මනුස්සානං වසං ගතං,
තතෝ චිත්තං සමාධේසිං ඛලු තාය වනං ගතාති.

50. මේ ඇතා ඉස්සර දමනය වෙච්ච එකෙක් නොවේ. මිනිස්සු තමයි ඇතාව දමනය කරල ගත්තේ. ඉතින් මං බලාගෙන හිටිය මිනිසුන් විසින් දමනය කරපු ඒ ඇතා දිහා. ඒක මං හිතට ගත්තා. මාත් වනාන්තරේට ගිහිල්ල සිත දමනය කරල සමාධිමත් කළා.

ඉත්ථං සුදං දන්තිකා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී දන්තිකා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M