☰
45. බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මේ සප්ත බොජ්ඣංග ධර්මයන් වදාළේ. මං ඒවා ඔක්කොම ඒ විදිහටම අනුගමනය කළා.
46. මං කැමති විදිහට ශූන්‍යතා සමාපත්ති, අනිමිත්ත සමාපත්ති ලබාගත්තා. දැන් මං බුදු සමිඳුන්ගේ හදවතින් උපන් දියණියක්. මං හැම තිස්සෙම නිවනට ඇලිලයි ඉන්නෙ.
47. දිව්‍ය මානුෂික, හැම කාමයක්ම මුලින්ම නසල දැම්මා. ඉපදෙන සංසාරය ගෙවල දැම්මා. දැන් ඉතින් ආයෙමත් භවයක් නෑ.
මේ වනාහී උත්තමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M