ඛුද්දක නිකාය

ථේරී ගාථා

3.2. උත්තමා ථේරීගාථා

3.2. උත්තමා තෙරණියගේ ගාථා

42. චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං
අලද්ධා චේතසෝ සන්තිං චිත්තේ අවසවත්තිනී.

42. මටත් චිත්ත සමාධියක් ලබාගන්ට බැරිවුණා. සිත දමනය කරගන්ට බැරිවුණා. එතකොට මං දවසට හතර පස් වතාවක් ආරාමයෙන් පිටත් වෙලා ගියා.

43. සා භික්ඛුනිං උපගඤ්ඡිං යා මේ සද්ධායිකා අහු
සා මේ ධම්මමදේසේසි ඛන්ධායතනධාතුයෝ.

43. මං ශ්‍රද්ධාව පිහිටුවා ගෙන හිටියා එක්තරා භික්ෂුණියක් ගැන. මං ඒ භික්ෂුණිය ළඟට ගියා. ඇය මට ස්කන්ධ, ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.

44. තස්සා ධම්මං සුණිත්වාන යථා මං අනුසාසි සා
සත්තාහං ඒකපල්ලංකේ නිසීදිං සුඛසමප්පිතා
අට්ඨමියා පාදේ පසාරේසිං තමොක්ඛන්ධං පදාලියාති.

44. ඈ මට අනුශාසනා කරපු විදිහටම, ඇගේ ධර්මානුශාසනාව හොඳට අසාගෙන ඉන්න කොට මගේ හිතට සැපයක් ඇතිවුණා. මං එක පළඟින් දවස් හතක්ම හිටියා. මේ අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පළල දාල, අටවෙනි දවසෙ තමයි කකුල් දිග ඇරියේ.

ඉත්ථං සුදං උත්තමා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී උත්තමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M