සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.1.6. තතිය කණ්ටකී සුත්තං

8.1.6. කණ්ටකී වනයෙහි දී වදාළ තෙවෙනි දෙසුම

“ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ කවර ධර්මයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පත් වූවාහු ද?”

“ඇවැත්නි, මම සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. ඒ කවර සතරක් ද යත්;

ඇවැත්නි, මෙහිලා මම කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරමි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරමි.

ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි.

ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් ම දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් ලොව දහසක් විශේෂ කොට දනිමි.”

සාදු! සාදු!! සාදු!!!

තතිය කණ්ටකී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M