සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.1.5. දුතිය කණ්ටකී සුත්තං

8.1.5. කණ්ටකී වනයෙහි දී වදාළ දෙවෙනි දෙසුම

“ඇවැත් අනුරුද්ධයෙනි, නිවන් මග සම්පූර්ණ කළ භික්ෂුව විසින් කවර ධර්මයන් උපදවාගෙන වාසය කළ යුත්තේ ද?”

“ඇවැත් සාරිපුත්තයෙනි, නිවන් මග සම්පූර්ණ කළ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන් උපදවාගෙන වාසය කළ යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්;

ඇවැත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරයි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරයි.

ඇවැත් සාරිපුත්තයෙනි, නිවන් මග සම්පූර්ණ කළ භික්ෂුව විසින් මේ සතර සතිපට්ඨානයන් උපදවාගෙන වාසය කළ යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය කණ්ටකී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M