එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, ඉර්ධිය යනු කුමක් ද? ඉර්ධිපාදය යනු කුමක් ද? ඉර්ධිපාද භාවනාව යනු කුමක් ද? ඉර්ධිපාද භාවනාව පිණිස ඇති ප්‍රතිපදාව කුමක් ද?”
“ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව නොයෙක් ඉර්ධිවිධීන් අත්දකියි. එනම් එක් අයෙක් ව සිට බොහෝ දෙනෙකු වෙයි. ….(පෙ)…. බඹලොව තෙක් කයෙන් වසඟය පවත්වයි. ආනන්දයෙනි, මෙය ඉර්ධිය යැයි කියනු ලැබෙයි.
ආනන්දයෙනි, ඉර්ධිපාදය යනු කුමක් ද? ආනන්දයෙනි, ඉර්ධීන් ලැබීම පිණිස, ඉර්ධි ප්‍රතිලාභය පිණිස පවතින යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, මෙය ඉර්ධිපාද යැයි කියනු ලැබේ.
ආනන්දයෙනි, ඉර්ධිපාද භාවනාව යනු කුමක් ද? ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. ආනන්දයෙනි, මෙය ඉර්ධිපාද භාවනාව යැයි කියනු ලැබේ.
ආනන්දයෙනි, ඉර්ධිපාද වැඩීම පිණිස ඇති ප්‍රතිපදාව යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්; සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය ය. ආනන්දයෙනි, මෙය ඉර්ධිපාද වැඩීම පිණිස ඇති ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
ආනන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M