මහණෙනි, මේ ඉර්ධිපාදයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. මහණෙනි, මේ වනාහී සතරක් වූ ඉර්ධිපාදයෝ ය.
මහණෙනි, මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ඵල සතක්, අනුසස් සතක් කැමති විය යුත්තේ ය. ඒ කවර ඵල සතක් ද? කවර අනුසස් සතක් ද යත්;
එනම්, මෙලොවදී කල්තියා ම අරහත්වයට පත්වෙයි. ඉදින් මෙලොව දී ම කල්තියා අරහත්වයට පත් නොවූයේ නම්, එකල්හී මරණ කාලයෙහි අරහත්වයට පත්වෙයි. ඉදින් මෙලොව දී ම කල්තියා අරහත්වයට පත් නොවූයේ නම්, එමෙන් ම මරණ කාලයෙහි ද අරහත්වයට පත්නොවූයේ නම්, එකල්හී ඕරම්භාගීය සංයෝජන පස ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි. උපහච්ච පරිනිබ්බායී වෙයි. අසංඛාර පරිනිබ්බායී වෙයි. සසංඛාර පරිනිබ්බායී වෙයි. උද්ධංසෝත අකනිට්ඨ ගාමී වෙයි. මහණෙනි, මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මේ ඵල සත, අනුසස් සත කැමති විය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ඵල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M