සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.3.5. ඵල සුත්තං

7.3.5. ප්‍රතිඵල ලබා දෙන දේ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉර්ධිපාදයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. මහණෙනි, මේ වනාහී සතරක් වූ ඉර්ධිපාදයෝ ය.

මහණෙනි, මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින්, ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ ය. එනම්; මේ ජීවිතයේ දී ම අරහත්වය පත්වීම හෝ කෙලෙස් ඉතිරි ව ඇති කල්හී අනාගාමී වීම හෝ ය.

සාදු! සාදු!! සාදු!!!

ඵල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M