සැවැත් නුවර දී ය ………
“මහණෙනි, සම්බුද්ධත්වයට පූර්වයෙහි දී අභිසම්බෝධියට නොපැමිණ සිටිය දී බෝධිසත්ව වූයේ ම, මා හට මේ අදහස ඇතිවූයේ ය. ‘ඉර්ධිපාදයන් දියුණු වීම පිණිස ඇති මාර්ගය කුමක් ද? ප්‍රතිපදාව කුමක් ද?’ යි මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවූයේ ය. ‘මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට වීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි ය. ….(පෙ)…. මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි. විරිය සමාධි ….(පෙ)…. චිත්ත සමාධි ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ නුවණින් විමසීම අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.
“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”
මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
මහණෙනි, භික්ෂුවක් මෙසේ සතරක් වූ ඉර්ධිපාදයන් හොඳින් දියුණු කරගත් විට, මෙසේ බහුල ව ප්‍රගුණ කරගත් විට, නොයෙක් ඉර්ධිවිධීන් අත්දකියි. එක් අයෙක් ව සිට බොහෝ අය වෙයි ….(පෙ)…. බඹලොව තෙක් කයෙන් වසඟයෙහි පවත්වයි. මහණෙනි, මෙසේ භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, මෙසේ බහුල ව ප්‍රගුණ කළ විට ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්ති යත් මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි.”
සාදු! සාදු!! සාදු!!!
මග්ග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M