මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහා ඉර්ධිමත් ව, මහානුභාව ඇති ව සිටියාහු ද, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ වූහ.
මහණෙනි, අනාගතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහා ඉර්ධිමත් ව, මහානුභාව ඇති ව සිටින්නාහු ද, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ වන්නාහ.
මහණෙනි, වර්තමානයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහා ඉර්ධිමත් ව, මහානුභාව ඇති ව සිටිත් ද, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ වෙති.
ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.
මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහා ඉර්ධිමත් ව, මහානුභාව ඇති ව සිටියාහු ද, ඒ සියල්ලෝ මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ වූහ. ….(පෙ)…. මහණෙනි, අනාගතයෙහි ….(පෙ)…. එසේ වන්නාහ. මහණෙනි, වර්තමානයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහා ඉර්ධිමත් ව, මහානුභාව ඇති ව සිටිත් ද, ඒ සියල්ලෝ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් එසේ වෙති.
සාදු! සාදු!! සාදු!!!
මහිද්ධික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M