☰
මහණෙනි, ආර්ය වූ, කෙලෙස් නැසීම පිණිස වූ මේ සතරක් වූ ඉර්ධිපාදයෝ වැඩීමෙන්, බහුලව ප්‍රගුණ කිරීමෙන් පිළිපදින තැනැත්තවුන්ට මැනැවින් දුක් අවසන් වීම පිණිස පවතිත්. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.
මහණෙනි, මේ වනාහී ආර්ය වූ, කෙලෙස් නැසීම පිණිස වූ, වැඩීමෙන්, බහුලව ප්‍රගුණ කිරීමෙන් පිළිපදින තැනැත්තවුන්ට මැනැවින් දුක් අවසන් වීම පිණිස පවතින සතරක් වූ ඉර්ධිපාදයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
අරිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M