සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.1.4. නිබ්බිදා සුත්තං

7.1.4. අවබෝධයෙන් ම එපාවීම පිණිස පවතින දේ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සතරක් වූ ඉර්ධිපාදයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ඒකාන්තයෙන් අවබෝධයෙන් ම දුකට අයත් දේ එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත් විශිෂ්ට ඥානය පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතිත්. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.

මහණෙනි, මේ වනාහී දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ඒකාන්තයෙන් අවබෝධයෙන් ම දුකට අයත් දේ එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත් විශිෂ්ට ඥානය පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතින සතරක් වූ ඉර්ධිපාදයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

නිබ්බිදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M