☰
මහණෙනි, යම් කෙනෙකුන් විසින් සතරක් වූ ඉර්ධිපාදයෝ වරදවා ගත්තාහු ද, ඔවුන්ට වැරදුණේ මැනැවින් දුක් ක්ෂය වී යන්නා වූ ආර්ය මාර්ගය යි. මහණෙනි, යම් කෙනෙකුන් විසින් සතරක් වූ ඉර්ධිපාදයෝ නිවැරදි ලෙස අරඹන ලද්දාහු ද, ඔවුන් විසින් අරඹන ලද්දේ මැනැවින් දුක් ක්ෂය වී යන්නා වූ ආර්ය මාර්ගය යි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.
මහණෙනි, යම් කෙනෙකුන් විසින් සතරක් වූ මේ ඉර්ධිපාදයෝ වරදවා ගත්තාහු ද, ඔවුන්ට වැරදුණේ මැනැවින් දුක් ක්ෂය වී යන්නා වූ ආර්ය මාර්ගය යි. මහණෙනි, යම් කෙනෙකුන් විසින් සතරක් වූ මේ ඉර්ධිපාදයෝ නිවැරදි ලෙස අරඹන ලද්දාහු ද, ඔවුන් විසින් අරඹන ලද්දේ මැනැවින් දුක් ක්ෂය වී යන්නා වූ ආර්ය මාර්ගය යි.
සාදු! සාදු!! සාදු!!!
විරද්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M