සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.1.1. අපාර සුත්තං

7.1.1. මෙතෙර ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, සතරක් වූ මේ ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව බලව ත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.

මහණෙනි, මේ වනාහී දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කළ විට මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතින සතරක් වූ ඉර්ධිපාදයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

අපාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M