මහණෙනි, එය මෙබඳු දෙයකි. ගුරුලන් හට යම්කිසි වෘක්ෂ ජාතීහු වෙත් ද, ඒවා අතර කෝටසිම්බලී වෘක්ෂය (කොටහිඹුල් රුක) අග්ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, අවබෝධය පිණිස පවතින යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒවා අතර ප්රඥා ඉන්ද්රිය අග්ර යැයි කියනු ලැබේ. මහණෙනි, බෝධිපාක්ෂික ධර්මයෝ මොනවා ද? මහණෙනි, ශ්රද්ධා ඉන්ද්රිය බෝධි පාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. විරිය ඉන්ද්රිය ….(පෙ)…. සති ඉන්ද්රිය ….(පෙ)…. සමාධි ඉන්ද්රිය ….(පෙ)…. ප්රඥා ඉන්ද්රිය බෝධි පාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. ගුරුලන් හට යම්කිසි වෘක්ෂ ජාතීහු වෙත් ද, ඒවා අතර කෝටසිම්බලී වෘක්ෂය (කොටහිඹුල් රුක) අග්ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, අවබෝධය පිණිස පවතින යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒවා අතර ප්රඥා ඉන්ද්රිය අග්ර යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ රුක්ඛ සූත්රය නිමා විය.
සත්වෙනි සම්බෝධි වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සංයෝජන සූත්රය, අනුසය සූත්රය, අද්ධාන සූත්රය, ආසවක්ඛය සූත්රය, ඵල සූත්ර දෙක සහ රුක්ඛ සූත්ර සතර වශයෙන් මෙහි සූත්ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-7-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M