සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.7.9. තතිය රුක්ඛ සුත්තං

4.7.9. වෘක්ෂය ගැන වදාළ තෙවෙනි දෙසුම

මහණෙනි, එය මෙබඳු දෙයකි. අසුරයන් හට යම්කිසි වෘක්ෂ ජාතීහු වෙත් ද, ඒවා අතර චිත්තපාටලී වෘක්ෂය අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, අවබෝධය පිණිස පවතින යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒවා අතර ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, බෝධිපාක්ෂික ධර්මයෝ මොනවා ද? මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය බෝධි පාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය බෝධි පාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. අසුරයන් හට යම්කිසි වෘක්ෂ ජාතීහු වෙත් ද, ඒවා අතර චිත්තපාටලී වෘක්ෂය අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, අවබෝධය පිණිස පවතින යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒවා අතර ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

තතිය රුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-7-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M