සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.9. උප්පාද සුත්තං

4.6.9. ඉපදීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය…..

මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් තොර ව වෙනත් කලෙක වඩන ලද්දා වූ, බහුල කරන ලද්දා වූ නූපන්නා වූ මේ පංච ඉන්ද්‍රියයෝ නූපදිති. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය.

මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් තොර ව වෙනත් කලෙක වඩන ලද්දා වූ, බහුල කරන ලද්දා වූ නූපන්නා වූ මේ පංච ඉන්ද්‍රියයෝ නූපදිති.

සාදු! සාදු!! සාදු!!!

උප්පාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M