☰
සැවැත් නුවර දී ය…..
මහණෙනි, සුගත විනය නම් වූ බුදු සසුනෙන් තොර ව වෙනත් තැනක වඩන ලද්දා වූ, බහුල කරන ලද්දා වූ නූපන්නා වූ මේ පංච ඉන්ද්රියයෝ නූපදිති. ඒ කවර පසක් ද යත්, ශ්රද්ධා ඉන්ද්රිය ය, විරිය ඉන්ද්රිය ය, සති ඉන්ද්රිය ය, සමාධි ඉන්ද්රිය ය, ප්රඥා ඉන්ද්රිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදු සසුනෙන් තොර ව වෙනත් තැනක වඩන ලද්දා වූ, බහුල කරන ලද්දා වූ නූපන්නා වූ මේ පංච ඉන්ද්රියයෝ නූපදිති.
සාදු! සාදු!! සාදු!!!
දුතිය උප්පාද සූත්රය නිමා විය.
සය වෙනි සූකරඛත වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සාලා සූත්රය, මල්ලක සූත්රය, සේඛ සූත්රය, පද සූත්රය, සාර සූත්රය, පතිට්ඨිත සූත්රය, බ්රහ්ම සූත්රය, සූකරඛත සූත්රය සහ උප්පාද සූත්ර දෙක වශයෙන් මෙහි සූත්ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M