සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.6. පතිට්ඨිත සුත්තං

4.6.6. පිහිටා ඇති දෙය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය…..

මහණෙනි, එක් ධර්මයක පිහිටා සිටින භික්ෂුවගේ පංච ඉන්ද්‍රියයෝ දියුණු වී යති. මැනැවින් දියුණු වී යති. කවර එක් ධර්මයක ද යත්, අප්‍රමාදයෙහි ය. මහණෙනි, අප්‍රමාදය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන්ගෙනුත්, ආශ්‍රවයන් සහිත ධර්මයන්ගෙනුත් සිත රකියි. ඒ ආශ්‍රවයන්ගෙනුත්, ආශ්‍රවයන් සහිත ධර්මයන්ගෙනුත් සිත රකින්නා වූ ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රියත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. විරිය ඉන්ද්‍රිය ත් ….(පෙ)…. සති ඉන්ද්‍රිය ත් ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ත් ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රියත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. මෙසේ මහණෙනි, එක් ධර්මයක පිහිටා සිටින භික්ෂුවගේ පංච ඉන්ද්‍රියයෝ දියුණු වී යති. මැනැවින් දියුණු වී යති.

සාදු! සාදු!! සාදු!!!

පතිට්ඨිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M