☰
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්කිසි අරටු සුවඳක් ඇද්ද, රත් සඳුන් අරටු සුවඳට වඩා අග්ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒවා අතර යම් මේ අවබෝධය පිණිස ප්රඥා ඉන්ද්රිය අග්ර යැයි කියනු ලැබේ.
මහණෙනි, බෝධිපාක්ෂික ධර්ම යනු මොනවා ද? මහණෙනි, ශ්රද්ධා ඉන්ද්රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. විරිය ඉන්ද්රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. සති ඉන්ද්රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. සමාධි ඉන්ද්රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. ප්රඥා ඉන්ද්රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්කිසි අරටු සුවඳක් ඇද්ද, රත් සඳුන් අරටු සුවඳට වඩා අග්ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒවා අතර යම් මේ අවබෝධය පිණිස ප්රඥා ඉන්ද්රිය අග්ර යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
සාර සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M