සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.1. සාලා සුත්තං

4.6.1. සාලා ගමෙහි දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්කිසි තිරිසන් ගත සත්වයෝ සිටිත් ද, මෘගරාජ වූ සිංහයා ඔවුන්ට අග්‍ර යැයි කියනු ලැබේ. ඒ ශක්තියෙනුත්, ජවයෙනුත්, ශූරත්වයෙනුත් ය. එසෙයින් ම මහණෙනි, යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන්ට ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර යැයි කියනු ලැබේ. ඒ අවබෝධය ලැබීම පිණිස ය.

මහණෙනි, බෝධිපාක්ෂික ධර්ම යනු මොනවා ද? මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. විරිය ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. සති ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. සමාධි ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි. ප්‍රඥා ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතියි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්කිසි තිරිසන් ගත සත්වයෝ සිටිත් ද, මෘගරාජ වූ සිංහයා ඔවුන්ට අග්‍ර යැයි කියනු ලැබේ. ඒ ශක්තියෙනුත්, ජවයෙනුත්, ශූරත්වයෙනුත් ය. එසෙයින් ම මහණෙනි, යම්කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන්ට ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර යැයි කියනු ලැබේ. ඒ අවබෝධය ලැබීම පිණිස ය.

සාදු! සාදු!! සාදු!!!

සාලා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M