එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ විසින් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය පවසන ලද්දේ ය. එකල්හී බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමීනී, ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ විසින් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය පවසන ලද්දේ ය. ස්වාමීනී, ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ විසින් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය පවසන ලද්දේ කවර කරුණු දකිමින් ද?”
“මහණෙනි, ඉන්ද්රියයන් තුනක් වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව විසින් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය පවසන ලද්දේ ය. ඒ කවර තුනක් ද යත්, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය ය.
මහණෙනි, මේ ඉන්ද්රියයන් තුන වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව විසින් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය පවසන ලද්දේ ය.
මහණෙනි, මේ ඉන්ද්රියයෝ තුන කුමක් අවසානය කොට ඇත්තාහු ද? ක්ෂය කිරීම අවසානය කොට ඇත්තාහු ය.
කුමක් ක්ෂය කිරීම අවසානය කොට ඇත්තාහු ද? ඉපදීම, ජරාව, මරණය යි. මහණෙනි, ඉපදීම, ජරාව, මරණය ක්ෂය කිරීම අවසන් කොට ඇති බව දකින්නා වූ පිණ්ඩෝල භාරද්වාජ භික්ෂුව විසින් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය පවසන ලද්දේ ය.
සාදු! සාදු!! සාදු!!!
පිණ්ඩෝල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M