☰
“මහණෙනි, කොපමණ ඉන්ද්රියයන් වැඩූ බැවින් ද, බහුල ව වැඩූ බැවින් ද ක්ෂීණාශ්රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ?”
“ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තේ ය. ….(පෙ)….
“මහණෙනි, ඉන්ද්රියයන් පසක් වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් ක්ෂීණාශ්රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ ය. ඒ කවර ඉන්ද්රියයන් පසක් ද? ශ්‍රද්ධා ඉන්ද්රිය ය, විරිය ඉන්ද්රිය ය, සති ඉන්ද්රිය ය, සමාධි ඉන්ද්රිය ය, ප්‍රඥා ඉන්ද්රිය ය.
මහණෙනි, මේ ඉන්ද්රියයන් පස වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් ක්ෂීණාශ්රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ පුබ්බාරාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M