සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.5.4. පුබ්බකොට්ඨක සුත්තං

4.5.4. පුබ්බකොට්ඨකයේ දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පුබ්බකොට්ඨකයෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක.

“සාරිපුත්තයෙනි, ‘ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය’ යන කරුණ ඔබ අදහන්නෙහි ද?”

“ස්වාමීනී, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය’ යන කරුණ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පමණක් නිමාවට නොයමි.

ස්වාමීනී, යමෙකුන් විසින් මෙය නොදන්නා ලද්දේ නම්, නොදක්නා ලද්දේ නම්, නොදැන ගත්තේ නම්, සාක්ෂාත් නොකළේ නම්, ප්‍රඥාවෙන් ස්පර්ශ නොකළේ නම්, ඔවුහු ‘ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය’ යන කරුණ අන්‍යයන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගන්නාහු ය.

ස්වාමීනී, යමෙකුන් විසින් මෙය දන්නා ලද්දේ නම්, දක්නා ලද්දේ නම්, දැන ගත්තේ නම්, සාක්ෂාත් කළේ නම්, ප්‍රඥාවෙන් ස්පර්ශ කළේ නම්, ඔවුහු ‘ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය’ යන කරුණ පිළිබඳ ව සැක නැත්තේ ම ය. විචිකිච්ඡා නැත්තේ ම ය.

ස්වාමීනී, මා විසිනු ත් මෙය දන්නා ලද්දේ ය, දක්නා ලද්දේ ය, දැන ගත්තේ ය, සාක්ෂාත් කළේ ය, ප්‍රඥාවෙන් ස්පර්ශ කළේ ය, මා තුළ ‘ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය’ යන කරුණ පිළිබඳ ව සැක නැත්තේ ම ය. විචිකිච්ඡා නැත්තේ ම ය.”

“සාරිපුත්තයෙනි, යහපති, යහපති. සාරිපුත්තයෙනි, යමෙකුන් විසින් මෙය නොදන්නා ලද්දේ නම්, නොදක්නා ලද්දේ නම්, නොදැන ගත්තේ නම්, සාක්ෂාත් නොකළේ නම්, ප්‍රඥාවෙන් ස්පර්ශ නොකළේ නම්, ඔවුහු ‘ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය’ යන කරුණ අන්‍යයන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගන්නාහු ය.

සාරිපුත්තයෙනි, යමෙකුන් විසින් මෙය දන්නා ලද්දේ නම්, දක්නා ලද්දේ නම්, දැන ගත්තේ නම්, සාක්ෂාත් කළේ නම්, ප්‍රඥාවෙන් ස්පර්ශ කළේ නම්, ඔවුහු ‘ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩන ලද්දේ, බහුල ව වඩන ලද්දේ, අමෘතයෙහි බැසගන්නේ ය. අමෘතය පිහිටකොට ගන්නේ ය. අමෘතයෙන් අවසන් වන්නේ ය’ යන කරුණ පිළිබඳ ව සැක නැත්තේ ම ය. විචිකිච්ඡා නැත්තේ ම ය.”

සාදු! සාදු!! සාදු!!!

පුබ්බකොට්ඨක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M