☰
මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයකි. ඒ කවර සයක් ද යත්, ඇස නම් වූ ඉන්ද්රිය ය, කන නම් වූ ඉන්ද්රිය ය, නාසය නම් වූ ඉන්ද්රිය ය, දිව නම් වූ ඉන්ද්රිය ය, කය නම් වූ ඉන්ද්රිය ය, මනස නම් වූ ඉන්ද්රිය ය. මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ ඉන්ද්රියයන් සය පිළිබඳ ව හටගැනීම ත්, නැසීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් නොදනිත් ද, ….(පෙ)…. දනිත් ද, ….(පෙ)…. සිය විශිෂ්ට ඥානයෙන් දැන එයට පැමිණ වාසය කරන්නාහු වෙති.
සාදු! සාදු!! සාදු!!!
සමණබ්රාහ්මණ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M