☰
මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයකි. ඒ කවර සයක් ද යත්, ඇස නම් වූ ඉන්ද්රිය ය, කන නම් වූ ඉන්ද්රිය ය, නාසය නම් වූ ඉන්ද්රිය ය, දිව නම් වූ ඉන්ද්රිය ය, කය නම් වූ ඉන්ද්රිය ය, මනස නම් වූ ඉන්ද්රිය ය. මහණෙනි, යම්තාක් කල් මම මේ ඉන්ද්රියයන් සය පිළිබඳ ව හටගැනීම ත්, නැසීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් අවබෝධ නොකළෙම් ද, ….(පෙ)…. මට ඥානදර්ශනය පහළ විය. මාගේ චිත්ත විමුක්තිය නොසෙල්වෙයි. මේ අන්තිම ඉපදීම යි. දැන් පුනර්භවයක් නැත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
බුද්ධ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M