මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ඇස නමැති ඉන්ද්රිය නොදනිත් ද, ඇස නමැති ඉන්ද්රියයෙහි හටගැනීම නොදනිත් ද, ඇස නමැති ඉන්ද්රියයෙහි නිරෝධය නොදනිත් ද, ඇස නමැති ඉන්ද්රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය නොදනිත් ද, කන නමැති ඉන්ද්රිය නොදනිත් ද ….(පෙ)…. නාසය නමැති ඉන්ද්රිය නොදනිත් ද ….(පෙ)…. දිව නමැති ඉන්ද්රිය නොදනිත් ද ….(පෙ)…. කය නමැති ඉන්ද්රිය නොදනිත් ද ….(පෙ)…. මනස නමැති ඉන්ද්රිය නොදනිත් ද, මනස නමැති ඉන්ද්රියයෙහි හටගැනීම නොදනිත් ද, මනස නමැති ඉන්ද්රියයෙහි නිරෝධය නොදනිත් ද, මනස නමැති ඉන්ද්රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය නොදනිත් ද, ….(පෙ)…. දනිත් ද, ….(පෙ)…. සිය විශිෂ්ට ඥානයෙන් දැන එයට පැමිණ වාසය කරන්නාහු වෙති.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමණබ්රාහ්මණ සූත්රය නිමා විය.
තුන්වෙනි ඡළින්ද්රිය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පුනබ්භව සූත්රය, ජීවිතින්ද්රිය සූත්රය, අඤ්ඤින්ද්රිය සූත්රය, ඒකබීජී සූත්රය, සුද්ධක සූත්රය, සෝතාපන්න සූත්රය, අරහන්ත සූත්රය, බුද්ධ සූත්රය සහ සමණබ්රාහ්මණ සූත්ර දෙක වශයෙන් මෙහි සූත්ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M