සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.3.5. සුද්ධක සුත්තං

4.3.5. පිරිසිදු බව ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සයකි. ඒ කවර සයක් ද යත්, ඇස නම් වූ ඉන්ද්‍රිය ය, කන නම් වූ ඉන්ද්‍රිය ය, නාසය නම් වූ ඉන්ද්‍රිය ය, දිව නම් වූ ඉන්ද්‍රිය ය, කය නම් වූ ඉන්ද්‍රිය ය, මනස නම් වූ ඉන්ද්‍රිය ය. මහණෙනි, මේ වනාහී සයක් වූ ඉන්ද්‍රියයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

සුද්ධක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M