සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.3.6. සෝතාපන්න සුත්තං

4.3.6. සෝවාන් පුද්ගලයා ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සයකි. ඒ කවර සයක් ද යත්, ඇස නම් වූ ඉන්ද්‍රිය ය, කන නම් වූ ඉන්ද්‍රිය ය, නාසය නම් වූ ඉන්ද්‍රිය ය, දිව නම් වූ ඉන්ද්‍රිය ය, කය නම් වූ ඉන්ද්‍රිය ය, මනස නම් වූ ඉන්ද්‍රිය ය. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා මේ ඉන්ද්‍රියයන් සය පිළිබඳ ව හටගැනීම ත්, නැසීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැනගනියි ද, මහණෙනි, මෙම ආර්ය ශ්‍රාවකයා අපායට නොවැටෙන ස්වභාවයෙන් යුතු වූයේ නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තේ සෝවාන් පුද්ගලයා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

සෝතාපන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M