☰
මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්රද්ධා ඉන්ද්රිය ය, විරිය ඉන්ද්රිය ය, සති ඉන්ද්රිය ය, සමාධි ඉන්ද්රිය ය, ප්රඥා ඉන්ද්රිය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ ඉන්ද්රියයෝ ය.
මහණෙනි, මේ පංච ඉන්ද්රිය ධර්මයන් සම්පූර්ණයෙන් පරිපූර්ණ කළ බැවින් අරහත් වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී අන්තරා පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී උපහච්ච පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී අසංඛාර පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී සසංඛාර පරිනිබ්බායී වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී සකදාගාමී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී (එක්වරක් පමණක් පිළිසිඳ ගන්නා) ඒකබීජී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී (දෙතුන් වරක් පිළිසිඳ ගන්නා) කෝළංකෝල වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී (සත්වරක් දක්වා පිළිසිඳ ගන්නා) සත්තක්ඛත්තුපරම වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී ධම්මානුසාරී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී ශ්රද්ධානුසාරී වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ඒකබීජී සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M