සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.3.3. අඤ්ඤින්ද්‍රිය සුත්තං

4.3.3. අඤ්ඤින්ද්‍රිය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ තුනකි. ඒ කවර තුනක් ද යත්, සෝවාන් කෙනාට ඇති ඉන්ද්‍රිය වන අවබෝධ නොකළ දෙය අවබෝධ කරමි යි දැඩි ව පිහිටන අනඤ්ඤාතඅඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය ය, සෝවාන් ඵලයේ සිට අරහත් මාර්ගය දක්වා මාර්ගය මැනැවින් දකින්නා වූ අඤ්ඤින්ද්‍රිය ය. අරහත්ඵලයේ දී අවබෝධ කළ බව මැනැවින් දන්නා වූ අඤ්ඤතාවී ඉන්ද්‍රිය ය. මහණෙනි, මේ වනාහී තුනක් වූ ඉන්ද්‍රියයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

අඤ්ඤින්ද්‍රිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M