සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.2.9. සම්පන්න සුත්තං

4.2.9. යුක්ත බව ගැන වදාළ දෙසුම

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ….(පෙ)…. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය. ස්වාමීනි, ‘ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත ය, ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත ය’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත වන්නේ කවර කරුණු මත ද?”

“භික්ෂුව මෙහිලා භික්ෂුවක් සංසිඳවීම කරා යන, සත්‍යාවබෝධය කරා යන පරිදි ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරයි ද, ….(පෙ)…. සංසිඳවීම කරා යන, සත්‍යාවබෝධය කරා යන පරිදි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරයි ද, භික්ෂුව, මෙපමණකින් ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත වූයේ යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

සම්පන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M