☰
මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්රද්ධා ඉන්ද්රිය ය, විරිය ඉන්ද්රිය ය, සති ඉන්ද්රිය ය, සමාධි ඉන්ද්රිය ය, ප්රඥා ඉන්ද්රිය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ ඉන්ද්රියයෝ ය.
මහණෙනි, මේ පංච ඉන්ද්රිය ධර්මයන් සම්පූර්ණයෙන් පරිපූර්ණ කළ බැවින් අරහත් වෙයි. එයට වඩා මෘදු ව කළ කල්හී අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නේ වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී අනාගාමී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නේ වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී සකදාගාමී වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නේ වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී සෝවාන් වෙයි. එයට ත් වඩා මෘදු ව කළ කල්හී සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නේ වෙයි. මහණෙනි, යමෙකු හට මේ පංච ඉන්ද්රිය ධර්මයන් මුළුමනින් ම සියළු අයුරින් සියළු තන්හි සියල්ල නැද්ද, මම ඔහු සසුනෙන් බැහැර වූ පෘථග්ජන පක්ෂයෙහි සිටින කෙනෙකි යි පවසමි.
සාදු! සාදු!! සාදු!!!
පටිපන්න සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M