☰
මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්රිය ය, විරිය ඉන්ද්රිය ය, සති ඉන්ද්රිය ය, සමාධි ඉන්ද්රිය ය, ප්‍රඥා ඉන්ද්රිය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ ඉන්ද්රියයෝ ය. මහණෙනි, මේ පංච ඉන්ද්රියයන් වඩන ලද බැවින්, බහුල කරන ලද බැවින් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් පසක් කොට එයට පැමිණ වාසය කරයි.
සාදු! සාදු!! සාදු!!!
ආසවක්ඛය සූත්‍රය නිමා විය.
දෙවෙනි මුදුතර වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පටිලාභ සූත්‍රය, සංඛිත්ත සූත්‍ර තුන, විත්ථාර සූත්‍ර තුන, පටිපන්න සූත්‍රය, සම්පන්න සූත්‍රය සහ ආසවක්ඛය සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M