සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.1.8. දට්ඨබ්බ සුත්තං

4.1.8. දැක්ක යුතු දේ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය.

මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොතැන්හි ද? සතර සෝතාපත්ති අංගයන්හි ය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය දැක්ක යුතු වන්නේ මෙහි ය.

මහණෙනි, විරිය ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොතැන්හි ද? සතර සම්‍යක් ප්‍රධානයන්හි ය. විරිය ඉන්ද්‍රිය දැක්ක යුතු වන්නේ මෙහි ය.

මහණෙනි, සති ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොතැන්හි ද? සතර සතිපට්ඨානයෙහි ය. සති ඉන්ද්‍රිය දැක්ක යුතු වන්නේ මෙහි ය.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොතැන්හි ද? සතර ධ්‍යානයන්හි ය. සමාධි ඉන්ද්‍රිය දැක්ක යුතු වන්නේ මෙහි ය.

මහණෙනි, ප්‍රඥා ඉන්ද්‍රිය දැක්ක යුත්තේ කොතැන්හි ද? සතර ආර්ය සත්‍යයෙහි ය. ප්‍රඥා ඉන්ද්‍රිය දැක්ක යුතු වන්නේ මෙහි ය.

මහණෙනි, මේ වනාහී පංච ඉන්ද්‍රියයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

දට්ඨබ්බ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M