සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.1.6. සමණ සුත්තං

4.1.6. ශ්‍රමණයා ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ හටගැනීම ත්, නැතිවීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම නොදන්නාහු ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝ යැයි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ යැයි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණභාවයෙහි අර්ථය හෝ බ්‍රාහ්මණභාවයෙහි අර්ථය හෝ මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් පසක් කොට එයට පැමිණ වාසය නොකරති.

මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ හටගැනීම ත්, නැතිවීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දන්නාහු ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝ යැයි සම්මත වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ යැයි සම්මත වෙති. ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණභාවයෙහි අර්ථය හෝ බ්‍රාහ්මණභාවයෙහි අර්ථය හෝ මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් පසක් කොට එයට පැමිණ වාසය කරති.

සාදු! සාදු!! සාදු!!!

සමණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M