සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.1.5. දුතිය අරහන්ත සුත්තං

4.1.5. රහතන් වහන්සේ ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. මහණෙනි, යම් කලෙක භික්ෂුව මේ පංච ඉන්ද්‍රියයන්ගේ හටගැනීම ත්, නැතිවීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැන උපාදාන රහිත ව නිදහස් වූයේ වෙයි ද, මහණෙනි, මේ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරන ලද්දේ, බඹසර නිමාකරන ලද්දේ, කළ යුත්ත කරන ලද්දේ, කෙලෙස් බර බැහැර කරන ලද්දේ, අනුපිළිවෙලින් පැමිණි අරහත්වය ඇත්තේ, භව සංයෝජන ක්ෂය කරන ලද්දේ, මැනැවින් දැන නිදහස් වූයේ, රහතන් වහන්සේ යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අරහන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M