සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.5.5. කුසලරාසි සුත්තං

3.5.5. කුසල් රැස ගැන වදාළ දෙසුම

මහණෙනි, කුසල් රැස කියා කියන්නෙක් මැනැවින් කියයි නම්, සතර සතිපට්ඨානයට ම කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨානයක් ඇද්ද, මෙය මුළුමනින් ම කුසල් රැසකි. ඒ කවර සතරක් ද යත්,

මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි, කුසල් රැස කියා කියන්නෙක් මැනැවින් කියයි නම්, මේ සතර සතිපට්ඨානයට ම කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨානයක් ඇද්ද, මෙය මුළුමනින් ම කුසල් රැසකි.

සාදු! සාදු!! සාදු!!!

කුසලරාසි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M