☰
මහණෙනි, භික්ෂුවක් සිහි ඇති ව වාසය කරන්නේ ය. මෙය ඔබට අපගේ අනුශාසනය යි. මහණෙනි, භික්ෂුවක් සිහියෙන් යුතු වන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව සිහි ඇත්තේ වෙයි. මහණෙනි, භික්ෂුවක් සිහියෙන් වාසය කරන්නේ ය. මෙය ඔබට අපගේ අනුශාසනය යි.
සාදු! සාදු!! සාදු!!!
සතෝ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M