සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.5.2. සමුදය සුත්තං

3.5.2. හටගැනීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ……….

මහණෙනි, සතර සතිපට්ඨානයෙහි හටගැනීම ත්, නැතිවීම ත් දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කයෙහි හටගැනීම යනු කුමක් ද? ආහාර හටගැනීමෙන් කයෙහි හටගැනීම වෙයි. ආහාර නිරුද්ධ වීමෙන් කයෙහි නැති වීම වෙයි. ස්පර්ශය හටගැනීමෙන් වේදනාවන්ගේ හටගැනීම වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාවන්ගේ නැතිවීම වෙයි. නාමරූප හටගැනීමෙන් සිතෙහි හටගැනීම වෙයි. නාමරූප නිරුද්ධ වීමෙන් සිතෙහි නැතිවීම වෙයි. මනසිකාර හටගැනීමෙන් ධර්මයන්ගේ හටගැනීම වෙයි. මනසිකාර නිරුද්ධ වීමෙන් ධර්මයන්ගේ නැතිවීම වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සමුදය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M