සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.5.1. අමත සුත්තං

3.5.1. අමෘතය ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර සතිපට්ඨානය තුළ මැනැවින් සිත පිහිටුවාගෙන වාසය කරව්. ඔබගේ අමෘතය විනාශ නොවේවා! ඒ කවර සතරක් තුළ ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මේ සතර සතිපට්ඨානය තුළ මැනැවින් සිත පිහිටුවාගෙන වාසය කරව්. ඔබගේ අමෘතය විනාශ නොවේවා!

සාදු! සාදු!! සාදු!!!

අමත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M