මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ ය. ඒ කවර සතරක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරන ඔහුට කය කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද, එය ප්‍රහීණ වෙයි. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. විඳීම් කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද, එය ප්‍රහීණ වෙයි. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ ය. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. සිත කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද, එය ප්‍රහීණ වෙයි. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වීත්‍මන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ ය. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ධර්මයන් පිළිබඳ ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔහුට ධර්මයන් කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද, එය ප්‍රහීණ වෙයි. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ඡන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M