සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.4.6. අඤ්ඤා සුත්තං

3.4.6. අරහත්වය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ ය. ඒ කවර සතරක් ද යත්,

මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි, මේ සතර සතිපට්ඨානයන් භාවිත කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන්, ප්‍රතිඵල දෙකක් අතුරින් එක්තරා ප්‍රතිඵලයක් කැමති විය යුත්තේ ය. එනම්, මෙලොවදී ම අරහත්වය ලැබීම හෝ උපාදාන ඉතිරි ව ඇති කල්හී අනාගාමී බව යි.

සාදු! සාදු!! සාදු!!!

අඤ්ඤා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M