☰
මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ ය. ඒ කවර සතරක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරන ඔහු විසින් කය පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. කය පිරිසිඳ දැනීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. විඳීම් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. විඳීම් පිරිසිඳ දැනීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. සිත පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. සිත පිරිසිඳ දැනීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ධර්මයන් පිළිබඳ ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔහු විසින් ධර්මයන් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. ධර්මයන් පිරිසිඳ දැනීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පරිඤ්ඤාත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M