☰
කණ්ටකී වනයෙහි දී ය ……
“ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ කවර ධර්මයන් භාවිත කිරීම හේතුවෙන් ද, බහුල කිරීම හේතුවෙන් ද, ලෝකයෙහි මහා නුවණැති බවට පත් වූයේ?”
“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන් භාවිත කිරීම හේතුවෙන්, බහුල කිරීම හේතුවෙන්, ලෝකයෙහි මහා නුවණැති බවට පත් වුණෙමි. ඒ කවර සතරක් ද යත්, ආයුෂ්මත්නි, මෙහිලා මම කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරමි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරමි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරමි. ආයුෂ්මත්නි, මේ සතර සතිපට්ඨානයන් භාවිත කිරීම හේතුවෙන්, බහුල කිරීමෙ හේතුවෙන් ලෝකයෙහි මහා නුවණැති බවට පත්වුණෙමි. ආයුෂ්මත්නි, මේ සතර සතිපට්ඨානයන් භාවිත කිරීම හේතුවෙන්, බහුල කිරීම හේතුවෙන්, මම දහසක් ලෝකය විශේෂයෙන් දනිමි.”
සාදු! සාදු!! සාදු!!!
ලෝක සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M