සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.3.7. සමත්ත සුත්තං

3.3.7. සමාප්ත කරන ලද දෙය ගැන වදාළ දෙසුම

කණ්ටකී වනයෙහි දී ය ……

“ආයුෂ්මත් අනුරුද්ධයෙනි, ‘නිවන් මගෙහි හික්මීම සම්පූර්ණ කළ තැනැත්තා, නිවන් මගෙහි හික්මීම සම්පූර්ණ කළ තැනැත්තා’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, නිවන් මගෙහි හික්මීම සම්පූර්ණ කළ තැනැත්තා යැයි කිව යුතු වන්නේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන් සම්පූර්ණයෙන් වඩන ලද බැවින් නිවන් මගෙහි හික්මීම සම්පූර්ණ කළ තැනැත්තා වෙයි. ඒ කවර සතරක් ද යත්, ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ආයුෂ්මත්නි, මේ සතර සතිපට්ඨානයන් සම්පූර්ණයෙන් වඩන ලද බැවින් නිවන් මගෙහි හික්මීම සම්පූර්ණ කළ තැනැත්තා වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

සමත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M