එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එසමයෙහි මානදින්න ගෘහපති තෙමේ රෝගී ව, දුකට පත් ව, බොහෝ සේ ගිලන් වූයේ වෙයි. එකල්හී මානදින්න ගෘහපති එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය. ….(පෙ)…. ස්වාමීනි, මම මෙබඳු වූ දුක් වේදනාවෙන් පීඩා විඳිද්දී ම කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරමි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරමි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ පංච ඕරම්භාගීය සංයෝජනයෝ වදාරණ ලද්දාහු ද, ස්වාමීනී, ඒ අතුරින් මා තුළ ප්‍රහීණ නොවූ කිසිවක් මම නොදකිමි.”
“ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලාභයකි. ගෘහපතිය, ඔබ විසින් අනාගාමී ඵලය පවසන ලද්දේ ය.”
සාදු! සාදු!! සාදු!!!
මානදින්න සූත්‍රය නිමා විය.
තුන්වෙනි සීලට්ඨිති වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සීල සූත්‍රය, ඨිති සූත්‍රය, පරිහාන සූත්‍රය, සුද්ධක සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, පදේස සූත්‍රය, සමත්ත සූත්‍රය, ලෝක සූත්‍රය, සිරිවඩ්ඪ සූත්‍රය සහ මානදින්න සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M