සැවැත් නුවර දී ය …..
මහණෙනි, මෙය කය පිළිබඳ වූ කායානුපස්සනාව යැයි මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් පිළිබඳ ව දහම් ඇස පහළ වූයේ ය. නුවණ පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය. මහණෙනි, ඒ මේ කය පිළිබඳ ව වූ කායානුපස්සනාව වැඩිය යුත්තේ යැයි ….(පෙ)…. මහණෙනි, ඒ මේ කය පිළිබඳ ව වූ කායානුපස්සනාව වඩන ලද්දේ යැයි මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් පිළිබඳ ව දහම් ඇස පහළ වූයේ ය. නුවණ පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
මෙය විඳීම් පිළිබඳ වේදනානුපස්සනාව යැයි ….(පෙ)…. මෙය සිත පිළිබඳ චිත්තානුපස්සනාව යැයි ….(පෙ)…. මහණෙනි, මෙය ධර්මයන් පිළිබඳ වූ ධම්මානුපස්සනාව යැයි මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් පිළිබඳ ව දහම් ඇස පහළ වූයේ ය. නුවණ පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය. මහණෙනි, ඒ මේ ධර්මයන් පිළිබඳ ව වූ ධම්මානුපස්සනාව වැඩිය යුත්තේ යැයි ….(පෙ)…. මහණෙනි, ඒ මේ ධර්මයන් පිළිබඳ ව වූ ධම්මානුපස්සනාව වඩන ලද්දේ යැයි මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් පිළිබඳ ව දහම් ඇස පහළ වූයේ ය. නුවණ පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
සාදු! සාදු!! සාදු!!!
අනනුස්සුත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M