මහණෙනි, එය මෙබඳු දෙයකි. බාල වූ, අව්‍යක්ත වූ, අදක්ෂ වූ අරක්කැමියෙක් සිටියි. ඔහු ඇඹුලින් යුක්ත වූ ත්, තිත්තෙන් යුක්ත වූ ත්, කටුක රසයෙන් යුක්ත වූ ත්, මිහිරි රසයෙන් යුක්ත වූ ත්, කර රසයෙන් යුක්ත වූ ත්, කර රස නැත්තා වූ ත්, ලුණු රසයෙන් යුක්ත වූ ත්, ලුණු රස නැත්තා වූ ත්, නොයෙක් ආකාරයෙන් සැකසූ සූපයන්ගෙන් යුතු ව රජු වෙත හෝ රාජ මහාමාත්‍යයෙක් වෙත හෝ එළඹ සිටියේ වෙයි. මහණෙනි, ඒ මේ බාල වූ, අව්‍යක්ත වූ, අදක්ෂ වූ අරක්කැමියා තම ස්වාමියාගේ භෝජන නිමිත්ත නොඉගෙන ගනියි. එනම් ‘අද මාගේ ස්වාමියාට මේ සූප රසය රුචි වෙයි’ කියා හෝ ‘මෙය ගැනීමට අත දිගු කරයි’ කියා හෝ ‘මෙය බොහෝ කොට ගනියි’ කියා හෝ ‘මෙහි ගුණ කියයි’ කියා හෝ ‘අද මාගේ ස්වාමියාට ඇඹුලෙන් යුතු සූපය රුචි වෙයි කියා හෝ ඇඹුලෙන් යුත සූපයට අත දිගු කරයි කියා හෝ ඇඹුලෙන් යුතු සූපය බොහෝ කොට ගනියි කියා හෝ ඇඹුලෙන් යුතු සූපයෙහි ගුණ කියයි’ කියා හෝ ‘අද මාගේ ස්වාමියා තිත්ත රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා කටුක රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා මිහිරි රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා කර රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා කර රස නැති යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා ලුණු රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා ලුණු රස නැති යුතු සූපය රුචි කරයි කියා හෝ ‘ලුණු රස නැති සූපය ගැනීමට අත දිගු කරයි’ කියා හෝ ලුණු රස නැති සූපය බොහෝ කොට ගනියි’ කියා හෝ ‘ලුණු රස නැති සූපයෙහි ගුණ කියයි’ කියා හෝ ඉගෙන නොගනියි.
මහණෙනි, ඒ බාල වූ, අව්‍යක්ත වූ, අදක්ෂ වූ අරක්කැමියා වස්ත්‍ර ද නොලබන සුළු වෙයි. වැටුප් ද නොලබන සුළු වෙයි. තුටුපඬුරු ද නොලබන සුළු වෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, බාල වූ, අව්‍යක්ත වූ, අදක්ෂ වූ ඒ අරක්කැමියා සිය ස්වාමියාගේ භෝජන නිමිත්ත ඉගෙන නොගනියි ද, එනිසා ය.
එසෙයින් ම මහණෙනි, මෙහිලා බාල වූ, අව්‍යක්ත වූ, අදක්ෂ වූ ඇතැම් භික්ෂුවක් කය පිළිබඳ ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, මනා දැනුමින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කායානුපස්සනාවෙන් වාසය නොකරයි. කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය නොකරන ඔහුගේ සිත සමාධිමත් නොවෙයි. උපක්ලේශයෝ ප්‍රහීණ නොවෙති. ඔහු ඒ නිමිත්ත ඉගෙන නොගනියි. වේදනාවන් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. ධර්මයන් පිළිබඳ ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, මනා දැනුමින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධම්මානුපස්සනාවෙන් වාසය නොකරයි. ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය නොකරන ඔහුගේ සිත සමාධිමත් නොවෙයි. උපක්ලේශයෝ ප්‍රහීණ නොවෙති. ඔහු ඒ නිමිත්ත ඉගෙන නොගනියි.
මහණෙනි, ඒ බාල වූ, අව්‍යක්ත වූ, අදක්ෂ වූ භික්ෂුව මෙලොව දී ලබන සැප විහරණය නොලබන්නේ ද වෙයි. සිහි නුවණ නොලබන්නේ ද වෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, ඒ බාල වූ, අව්‍යක්ත වූ, අදක්ෂ වූ භික්ෂුව ස්වකීය සිතෙහි නිමිත්ත ඉගෙන නොගත් නිසා ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. නුවණැති වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ අරක්කැමියෙක් සිටියි. ඔහු ඇඹුලින් යුක්ත වූ ත්, තිත්තෙන් යුක්ත වූ ත්, කටුක රසයෙන් යුක්ත වූ ත්, මිහිරි රසයෙන් යුක්ත වූ ත්, කර රසයෙන් යුක්ත වූ ත්, කර රස නැත්තා වූ ත්, ලුණු රසයෙන් යුක්ත වූ ත්, ලුණු රස නැත්තා වූ ත්, නොයෙක් ආකාරයෙන් සැකසූ සූපයන්ගෙන් යුතු ව රජු වෙත හෝ රාජ මහාමාත්‍යයෙක් වෙත හෝ එළඹ සිටියේ වෙයි. මහණෙනි, ඒ මේ නුවණැති වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ අරක්කැමියා තම ස්වාමියාගේ භෝජන නිමිත්ත ඉගෙන ගනියි.
එනම් ‘අද මාගේ ස්වාමියාට මේ සූප රසය රුචි වෙයි’ කියා හෝ ‘මෙය ගැනීමට අත දිගු කරයි’ කියා හෝ ‘මෙය බොහෝ කොට ගනියි’ කියා හෝ ‘මෙහි ගුණ කියයි’ කියා හෝ ‘අද මාගේ ස්වාමියාට ඇඹුලෙන් යුතු සූපය රුචි වෙයි කියා හෝ ඇඹුලෙන් යුත සූපයට අත දිගු කරයි කියා හෝ ඇඹුලෙන් යුතු සූපය බොහෝ කොට ගනියි කියා හෝ ඇඹුලෙන් යුතු සූපයෙහි ගුණ කියයි’ කියා හෝ ‘අද මාගේ ස්වාමියා තිත්ත රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා කටුක රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා මිහිරි රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා කර රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා කර රස නැති යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා ලුණු රසයෙන් යුතු සූපය හෝ ….(පෙ)…. අද මාගේ ස්වාමියා ලුණු රස නැති යුතු සූපය රුචි කරයි කියා හෝ ‘ලුණු රස නැති සූපය ගැනීමට අත දිගු කරයි’ කියා හෝ ලුණු රස නැති සූපය බොහෝ කොට ගනියි’ කියා හෝ ‘ලුණු රස නැති සූපයෙහි ගුණ කියයි’ කියා හෝ ඉගෙන ගනියි.
මහණෙනි, ඒ නුවණැති වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ අරක්කැමියා වස්ත්‍ර ද ලබන සුළු වෙයි. වැටුප් ද ලබන සුළු වෙයි. තුටුපඬුරු ද ලබන සුළු වෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, නුවණැති වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ ඒ අරක්කැමියා සිය ස්වාමියාගේ භෝජන නිමිත්ත ඉගෙනගනියි ද, එනිසා ය.
එසෙයින් ම මහණෙනි, මෙහිලා නුවණැති වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ ඇතැම් භික්ෂුව ක් කය පිළිබඳ ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, මනා දැනුමින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කායානුපස්සනාවෙන් වාසය කරයි. කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරන ඔහුගේ සිත සමාධිමත් වෙයි. උපක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඔහු ඒ නිමිත්ත ඉගෙන ගනියි. වේදනාවන් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. ධර්මයන් පිළිබඳ ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, මනා දැනුමින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔහුගේ සිත සමාධිමත් වෙයි. උපක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඔහු ඒ නිමිත්ත ඉගෙනගනියි.
මහණෙනි, ඒ නුවණැති වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ භික්ෂුව මෙලොව දී ලබන සැප විහරණය ලබන්නේ ද වෙයි. සිහි නුවණ ලබන්නේ ද වෙයි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, ඒ නුවණැති වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ භික්ෂුව ස්වකීය සිතෙහි නිමිත්ත ඉගෙනගත් නිසා ය.
සාදු! සාදු!! සාදු!!!
සූද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M