සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.1.5. කුසලරාසි සුත්තං

3.1.5. කුසල් රැස ගැන වදාළ දෙසුම

මහණෙනි, අකුසල් රැසක් යැයි කියන කල්හී මැනැවින් කියන්නේ නම්, පංච නීවරණයන්ට කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ පංච නීවරණයෝ වෙත් ද, මෙය මුළුමනින් ම අකුසල් රැසකි. ඒ කවර පසක් ද යත්, කාමච්ඡන්ද නීවරණය ය, ව්‍යාපාද නීවරණය ය, ථීනමිද්ධ නීවරණය ය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය ය, විචිකිච්ඡා නීවරණය ය. මහණෙනි, අකුසල් රැසක් යැයි කියන කල්හී මැනැවින් කියන්නේ නම්, මේ පංච නීවරණයන්ට කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ පංච නීවරණයෝ වෙත් ද, මෙය මුළුමනින් ම අකුසල් රැසකි.

මහණෙනි, කුසල් රැසක් යැයි කියන කල්හී මැනැවින් කියන්නේ නම්, සතර සතිපට්ඨානයට කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨානයෝ වෙත් ද, මෙය මුළුමනින් ම කුසල් රැසකි. ඒ කවර සතරක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, කුසල්

රැසක් යැයි කියන කල්හී මැනැවින් කියන්නේ නම්, මේ සතර සතිපට්ඨානයට කිව යුත්තේ ය. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨානයෝ වෙත් ද, මෙය මුළුමනින් ම කුසල් රැසකි.

සාදු! සාදු!! සාදු!!!

කුසලරාසි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M